දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
-
අරමුණ
දැව නීත්‍යානුකූලව ප්‍රවාහනයට අවසර දීම
අවශ්‍ය සුදුසුකම්
නීත්‍යානුකූලව හෙලීම් කරන ලද දැව වීම
අවශ්‍ය ලිපි ලේඛන
- දැව ලබාගත් ඉඩමේ සහතික කරන ලද ඔප්පු පිටපත.
- දැව මිලදි ගත්තේ නම් අදාල කුවිතාන්සිය.
- කැපීමට බලපත්‍ර අවශ්‍ය දැව සඳහා නම් කැපුම් බල පත්‍රය.
- දැව ලැයිස්තුව.
- ගස් පිහිටි ස්ථානය ලකුණු කළ ඉඩමේ සැලැස්ම.
- දැව ප්‍රවාහන අයදුම්පත් අනුමැතියට ඉදිරිපත් කිරීමේ ලේඛනයේ සටහන් කර සහකාර ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
- සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය ලද පසු අනුමැතිය සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
- අනුමැතිය ලද පසු ප්‍රවාහන බල පත්‍ර ගාස්තුව රු 168.00 ක් අය කළ යුතුය.
- ප්‍රවාහනය කිරීමට නියමිත දිනට පෙර බලපත්‍රය ලියා සහකාර ප්‍රාදේශීය ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් වෙතින් අත්සන් කර ගත යුතුය.
ප්‍රවාහනය කරන දිනයේදී බල පත්‍රය හා දැව ම්‍රද්‍රාව ග්‍රාම නිලධාරී වෙත නිකුත් කළ යුතුය.
සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම
-
අරමුණ
නීත්‍යානුකූලව සතුන් ප්‍රවාහනයට අවසර දීම
අවශ්‍ය සුදුසුකම්
- නීරෝගී සතෙකු බව තහවුරු කිරීම
- සතාගේ හිමිකාරිත්වය තහවුරු කරන සතෙකු / සතුන් වීම
- ගවයෙකු නම් හංවඩු ගසා තිබීම
- ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහිත හිමිකරුගේ කැමැත්ත දන්වන ලිපිය
අවශ්‍ය ලිපිලේඛන
- අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරී නිර්දේශය
- පශ්‍ර වෛද්‍ය වාර්තාව
- සතාගේ හිමිකාරිත්වය තහවුරු කරන ලියවිලි
- ප්‍රවාහනය කරන වාහනය පිළිබඳ වාර්තාව
ගාස්තු
- ප්‍රවාහන ගාස්තු එක් ගවයෙකු වෙනුවෙන් රු.50.00 බැගින් අය කෙරේ.
උකස් බලපත්‍ර නිකුත් කිරීම
-
අරමුණ
උකස් බලපත්‍රය වාර්ෂිකව වලංගු කිරීම
අවශ්‍ය සුදුසුකම්
- බලපත්‍ර සහිත උකස් ව්‍යාපාරයක් වීම
- පෙර වර්ෂය සඳහා වලංගු බලපත්‍රයක් තිබීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලුම් පත්‍රය
- ග්‍රාම නිලධාරී වාර්තාව
- පොලිස් වාර්තාව
- පසුගිය වර්ෂයේ ගිණුම් වාර්තාව
- පසු ගිය වර්ෂයේ උකස් බලපත්‍රයේ පිටපත
- ගිණිබිය රක්ෂණ ආවරණය සොර බිය රක්ෂණ ආවරණය
- දිවුරුම් ප්‍රකාශය
දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම
-
අරමුණ
දැව හෙලීමට නීත්‍යානුකූලව අවසර දීම
අවශ්‍ය සුදුසුකම්
චක්‍රලේඛ උපදෙස් වලට අනුකූලව හෙලීමට අවසර දිය හැකි ඉඩමක පිහිටා ඇති ගස් වීම
අවශ්‍ය ලිපිලේඛන
- අයදුම්පත
- ග්‍රාම නිලධාරී නිර්දේශය
- අදාල ගස පිහිටි ඉඩමෙහි සහතික කල ඔප්පු පිටපත
- ඉඩමේ සැලැස්ම / පිඹුර
- අවස්ථානුකූලව අනුමත කල ගොඩනැගිලි සැලැස්ම හා වෙනත් ලියකියවිලි
පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම
අරමුණ
පුපුරණ ද්‍රව්‍ය භාවිතය සඳහා නීත්‍යානුකූල අවසර දීම
අවශ්‍ය සුදුසුකම්
- පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන කරුමාන්තකරුවෙක් වීම
- තාක්ෂණික හැකියාව තිබීම
- පුපුරණ ද්‍රව්‍ය අවශ්‍යතාවය තහවුරු කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපියක් සමඟ පුපුරණ ද්‍රව්‍ය පාලක නිකුත් කරන අයදුම්පත
- ග්‍රාම නිලධාරී වාර්තාව
- පරිසර වාර්තාව / පරිසර ආරක්ෂණ බලපත්‍රය
- පොලිස් වාර්තාව
- අදාල පරිදි ජනපද නිලධාරී වාර්තාව
- කැනීම් කර්මාන්තයක් නම් වලංගු කැනීම් බලපත්‍රය

















